
ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා ලංකා විදුලි බල මණ්ඩල සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.
ඊට අදාළ ලිපිය බලශක්තිය අමාත්‍යංශය වෙත යොමු කර ඇති බවද සඳහන්.
ඔහු මෙසේ ධුරය හැර යාමට හේතුව බව පැවසෙන්නේ දේශපාලන අධිකාරිය විසින් සිදුකරන අනවශ්‍ය මැදිහත්වීම් සහ මහජන උපයෝගීතාව කොමිෂන් සභාවේ පිරිවැයට සරිලන විදුලි ගාස්තු ක්‍රමය බවද සඳහන් වාර්තා වනවා.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දැනුම් දීම මත විදුලි ගාස්තුව 30% ක් ඉක්මවූ ප්‍රතිශතයකින් ඉහල දැමීමට විදුලි බල මණ්ඩලය මේ වන විටත් යෝජනා සකස් කර තිබෙනවා.
අදාළ යෝජනාව මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කිරීමෙන් පසු එහි අනුමැතිය මත ක්‍රියාවට නැංවීමට නියමිතව තිබෙනවා.