ජනප්රිය රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්රික්කයට තරඟ වදිනවා.
ඊට අදාළ ලියකියවිලිවලට ඇය ඊයේ දිනයේ අත්සන් තබා තිබෙනවා.
මේ සම්බන්ධයෙන් දමිතා අබේරත්න මහත්මියගෙන් කළ විමසුමකදී ඇය පැවසුවේ දුක් විඳින ජනතාව වෙනුවෙන් යම් මෙහෙවරක් කිරීමට ඉදිරි මහ මැතිවරණයට තරග වැදීමට තීරණය කළ බවයි.
ජනතාවගේ සහ විශේෂයෙන්ම කලාකරුවන්ගේ ප්රශ්න ගැටලු ගැන තමාට හොඳ අවබෝධයක් ඇති බවටද ඇය සඳහන් කළා.