හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සහ ජනප්රිය නළුවෙකු වන රංජන් රාමනායක මහතා නායකත්වය දරණ එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ නමින් දේශපාලන පක්ෂයක් එළිදැක්වීම අද (09) සිදුවුණා.
එළැඹෙන මහ මැතිවරණය සඳහා මෙම පක්ෂය තරග කිරීමට බලාපොරොත්තු වන අතර ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න දිල්ෂාන් ද එම පක්ෂයට එක්වූ අතර ඔහු එම පක්ෂයේ ජාතික සංවිධායකවරයා ලෙස පත් කර තිබෙනවා.