පානදුර ප්‍රදේශයේ පාසලක විද්‍යාගාරයක් තුළ සිදුකළ පරීක්ෂණයකදී පිළිස්සුම් තුවාල ලැබූ ශිෂ්‍යාවන් 07 දෙනෙකු පානදුර මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මෙලෙස රෝහල්ගත කර ඇත්තේ වයස අවුරුදු 12 සහ 13 හැවිරිදි සිසුවියන් බවයි වාර්තා වන්නේ.
සිසුවියන්ගේ තත්ත්වය එතරම් බරපතළ නොවන නමුත් ඔවුන්ගේ මුහුණ, හිස සහ අත්වල පිළිස්සීම් තුවාල සිදුවී ඇති බව රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.