සර්වජන බලයේ නාමයෝජනා අත්සන් තැබීම අද (10) මව්බිම ජනතා පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී සිදුකෙරුණා.
එහි නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා ගම්පහ දිස්ත්‍රික්කය සඳහා තරඟ වැදීම සඳහා නාමයෝජනා පත්‍රයට අද අත්සන් තැබුවා.
ඊට අමතරව මව්බිම ජනතා පක්ෂයේ උප සභාපති මහාචාර්ය චන්න ජයසුමන මහතා සහ ගම්පහ දිස්ත්‍රික් නායක මිලාන් ජයතිලක මහතාද නාමයෝජනා පත්‍රයට අත්සන් තැබීම සිදු කර තිබෙනවා.
මේ අතර, සර්වජන බලය අද කොළඹ දිස්ත්‍රික්කය සඳහා ද නාමයෝජනා භාරදෙනු ලැබුවා.