මැතිවරණ රාජකාරි සඳහා වාර්තා කරන ලෙස පත්වීම් ලිපි ලැබෙන සියලුම නිලධාරීන් අදාළ මැතිවරණ රාජකාරියට වාර්තා කළ යුතු බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.
පාර්ලිමේන්තු මැතිවරණයේ රාජකාරි සඳහා පත්වීම් ලිපි ලබාගත් නිලධාරීන් ඊට වාර්තා නොකරන්නේ නම් රුපියල් ලක්ෂයක දඩයක් ලැබිය හැකි වරදක් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ඒ අනුව පනතේ සඳහන් වන ආකාරයට ඊට අදාළ දඬුවම් ලබා දෙන බවයි ඔහු පැවසුවේ.
එමෙන්ම මැතිවරණ කොමසාරිස් පැවසුවේ තැපැල් ඡන්ද අයදුම් කර නොතිබීම සහ අයදුම්පත් ප්‍රතික්ෂේප වීම මැතිවරණ රාජකාරිවලින් නිදහස් කිරීමට හේතුවක් නොවන බවයි.
තමන්ගේ නිත්‍ය සේවා ස්ථානයට වාර්තා කිරීමෙන් පසුව පැමිණීමේ සහතිකය ආයතන ප්‍රධානියාට වෙත ඉදිරිපත් කළ යුතු බවද ඔහු පවසනවා.
එමෙන්ම මැතිවරණ රාජකාරියට වාර්තා නොකරන නිළධාරීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මැතිවරණ කොමිෂන් සභාව සමග සහයෝගයෙන් කටයුතු කිරීම ප්‍රතික්ෂේප කරන හෝ අපොහොසත් වන තැනැත්තන් ලෙස සැලකෙන බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ.