හිටපු අමාත්‍යවරයකු වන ඩබ්ලිව් බී ඒකනායක මහතා සිය නිවසේ නාන කාමරයේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව අනුරාධපුර පොලිසිය සඳහන් කරනවා.
ඔහු එක්සත් ජාතික පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් සංවිධායකයා මෙන්ම මෙවර මැතිවරණයටද තරග වැදීමට සූදානමින් සිටි අයෙක්.
ඔහුගේ මරණයට හේතුව හදිසි හෘදයාබාධයක් විය හැකි බවට රෝහල් ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.
ඔහු මරණයට පත්වන අවස්ථාවේ නිවසේ තනිව වාසය කර ඇති බවත් පොලිසිය සඳහන් කරනවා.