හිටපු විපක්ෂ නායක හා සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතාට ඝාතන තර්ජනයක් පිළිබඳව තහවුරු වී නැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා පවසනවා
ඒ සම්බන්ධයෙන් ඇත්තේ පණිවිඩ හුවමාරුවක් පමණක් බවත් කිසිම ආකාරයක සංවිධානාත්මක සැලසුමට අදාළ තොරතුරක් නොමැති බවත් ඔහු කියා සිටියා.
කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙසේ අදහස් පළ කළා.
‘‘හිටපු විපක්ෂ නායකවරයා ඝාතනය කිරීමේ සැලසුමක් පවතින බවට මැතිවරණ කාලසීමාවේදී යම් ප්‍රචාරයක් තිබුණා. ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලකුත් ලැබී තිබුණා. එම පැමිණිල්ලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් කළා. එවැනි ඝාතන සැලසුමක් තියෙනවා කියලා විමර්ශනයෙන් කරුණු අනාවරණය වුණේ නැහැ. මැතිවරණ කාලසීමාවේදී ඔහු වෙනුවෙන් අවශ්‍ය ආරක්ෂාව දුන්නා. දැන් එවැනි ආරක්ෂාවක් අවශ්‍ය නැහැ. ඔහුට තිබුණා කිව්ව මරණ තර්ජනය තහවුරු වෙලා නැහැ. පණිවුඩ හුවමාරුවක් විතරයි වෙලා තියෙන්නෙ. කිසිම සංවිධානාත්මක සැලසුමක් කියලා තොරතුරු නැහැ.’’