මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කර ඇති ජාතික ලැයිස්තු අපේක්ෂකයන් අතර ආබාධිත ප්රජාව නියෝජනය කරන අයෙකුද ඇතුළත් කර තිබෙනවා.
මෙවන් අපේක්ෂකයෙකු ජාතික ලැයිස්තුවකට කිසියම් හෝ පක්ෂයක් ඇතුළත් කර ඇත්තේ මෙරට ඉතිහාසය පළමු වතාවටයි.
ජාතික ජන බලවේගය සිය නාම යෝජනා පත්ර සියල්ල මේ වන විට සකස් කර අවසන් අතර එය අද දිනය තුල මැතිවරණ නිලධාරීන් වෙත භාරදී අවසන් කිරීමට නියමිතව තිබෙන බවයි වාර්තා වන්නේ.