මහේල ජයවර්ධන මුම්බායි ඉන්දියන්ස් හි ප්රධාන පුහුණුකරු ලෙස යළිත් පත්කර තිබෙනවා.
ඔහු මීට පෙර 2017 සිට 2022 දක්වා එම තනතුර හොඹවනු ලැබුවා.
මුම්බායි ඉන්දියන්ස් හි ආකාෂ් අම්බානි පැවසුවේ මෙවැනි අදහසක්.
“මහේල නැවත මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස පත්වීම ගැන අපි සතුටට පත්වෙනවා. අපගේ ගෝලීය කණ්ඩායම්වල ක්රීඩකයින් ඔවුන්ගේ අඩිපාරේ යමින් ඔහුගේ නායකත්වය, දැනුම සහ ක්රීඩාව සඳහා ඇති ආශාව සැමවිටම MI කණ්ඩායමට ඉතා ප්රයෝජනවත්.
මුම්බායි ඉන්දියන්ස් හි ප්රධාන පුහුණුකරු මහේල ජයවර්ධන පැවසුවේ මෙවැනි අදහසක්.
“මුම්බායි ඉන්දියන්ස් පවුල තුළ මගේ ගමන සෑම විටම පරිණාමය වනවා. අපි 2017 දී තීරණය කළා හොඳම ක්රිකට් ක්රීඩකයින් පිරිසක් එකතු කරගෙන ඉතා හොඳ කණ්ඩායමක් හදා ගන්න. ඒ වගේම අපි ඒක කළා. දැන් නැවතත් එම මොහොත පැමිණ තිබෙනවා. අපි අනාගතය දෙස බලා මුම්බායි ඉන්දියන්ස් හි ආදරය තවදුරටත් ශක්තිමත් කිරීමට, අයිතිකරුවන්ගේ දැක්ම මත ගොඩනඟා ගැනීමට සහ මුම්බායි ඉන්දියන්ස් ඉතිහාසය තවදුරටත් වර්ණවත් කිරීමට මම බලාපොරොත්තු වෙනවා.”