
2WBKM1C Colombo, Sri Lanka. 11th January 2024. Sri Lanka's Wanindu Hasaranga leaves the field holding the ball after claiming 7 wickets during the 3rd one-day international (ODI) cricket match between Sri Lanka vs Zimbabwe at the R. Premadasa Stadium in Colombo on 11th January 2024. Viraj Kothalwala/Alamy Live News
තුන් ඉරියව් ක්රීඩක වනිඳු හසරංග ශ්රී ලංකා විස්සයි 20 නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. වනිඳු විස්සයි 20 කණ්ඩායමේ නායකත්වය මාස 06නට ආසන්න කාලයක් දැරූ අතර ලෝක කුසලාන තරඟාවලියේදී ශ්රී ලංකා කණ්ඩායමේ අදක්ෂ ක්රීඩා විලාසය හේතුවෙන් වනිඳුට දැඩි දෝෂාරෝපන එල්ල වුණා.
තමන් නායකත්වයෙන් ඉවත් වීමට ගත් තීරණය ශ්රී ලංකා ක්රිකට් හි යහපත වෙනුවෙන් ගත් තීරණක් බවත් ක්රීඩකයෙක් ලෙස කණ්ඩායමට තම උපරිමය ලබාදෙන බවත් වනිඳු සඳහන් කළේ යැයි ක්රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.
ශ්රී ලංකාව විස්සයි 20 ලෝක කුසලානයෙන් ඉක්මනින් ඉවත් වීම නායකයා ලෙස තමාටත් කණ්ඩායමටත් කනගාටුදායක සිදුවීමක් වූ නමුත් තරඟාවලිය වෙනුවෙන් හොඳම කණෟඩායම තමන්ට ලබාදුන් බවත් වනිඳු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
ශ්රී ලංකාව වනිඳු හසරංග යටතේ ක්රීඩා කළ විස්සයි 20 තරග දහයෙන් හයක්ම ජයගෙන තිබෙනවා.