2025 IPL තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සඳහා මතීෂ පතිරණ නිත්‍ය ක්‍රීඩකයෙක් වශයෙන් රදවා ගැනීමට කණ්ඩායම් කළමනාකාරීත්වය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඔහු එළැඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ම ක්‍රීඩා කිරීමට නියමිතයි.
එහිදී මතීෂට ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 452කට සමාන මුදලක් (ඩොලර් මිලියන 1.56) හිමිවන බවටයි තොරතුරු වාර්තා වන්නේ.
මීට අමතරව MS Dhoni, Ruturaj Gaikwad, Ravindra Jadeja සහ Shivam Dube යන ක්‍රීඩකයින්ද නිත්‍ය සාමාජිකයින් ලෙස රදවා තබා ගැනීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ.