නීතිවිරෝධී අයුරින් විදේශයකින් මෙරටට ගෙන්වා එකලස් කරන ලද සුඛෝපභෝගි මෝටර් රථයක් භාවිතකිරීමේ චෝදනාවට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකළ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර රෝහලවෙත මාරුකර තිබෙනවා.
මිරිහාන පොලීසිය මගින් ලොහාන් රත්වත්තේ මහතා ඉකුත් 31වනදා මහනුවර, කටුගස්තොට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.
පසුව එදින රාත්‍රියේ මිරිහාන පොලිස් ස්ථානයේ සිට නුගේගොඩ වැඩබලන මහෙස්ත්‍රාත්වරයා හමුවට රැගෙන ආ අතර, එහිදී නොවැම්බර් මස 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කෙරුණා.
කෙසේ නමුත් එහිදී ලොහාන් රත්වත්තේ මහතාට ප්‍රතිකාර ලබාගැනීම සඳහා බන්ධනාගාර රෝහලවෙත යාමට නුගේගොඩ වැඩබලන මහෙස්ත්‍රාත්වරයා අවසර ලබා දී තිබුණා.
එමෙන්ම ඔහුට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට ද තීරණය කර තිබෙනවා.
බන්ධානාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී දිසානායක මහතා පවසා සිටියේ, ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර භාර හිටපු රාජ්‍ය අමාත්‍යවරයා බැවින් අධිකරණ නියෝගයන්ට අනුව මෙම විශේෂ ආරක්ෂාවක් ලබාදී ඇති බවයි.