අංක තහඩු නොමැති ෆෝර්ඩ් ලේසර් වර්ගයේ කාර් රථයක් කොට්ටාවෙන් සොයාගෙන තිබෙනවා.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් බව කියන මෝටර් රථයක් කොට්ටාවේ පිහිටි මෝටර් රථ අලුත්වැඩියා කරන ස්ථානයක තිබෙන බවට ලද තොරතුරකට අනුව පොලීසිය එම ස්ථානය පරීක්ෂා කිරීමේදී මෙම මෝටර් රථය සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව අදාළ ස්ථානයේ හිමිකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ, අදාළ රථය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ රියදුරෙකු විසින් පසුගිය පෙබරවාරි මස 28 වනදා රථයේ ඇති වූ දෝෂයක් නිසා අලුත්වැඩියා කිරීම සඳහා ගෙනැවිත් දැමූ බවයි.
රථය ගෙන ඒමේදී එහි අංකය KM-5421 ලෙස කඩදාසි කොළයක සටහන් කරගෙන ආ බවත් අදාළ ස්ථානයේ හිමිකරු පොලීසියට පවසා තිබෙනවා.
ඒ අනුව අදාළ කාර් රථය කොට්ටාව පොලීසිය සිය භාරයට ගෙන ඇති අතර එහි එංජින් අංකය හා චැසි අංකයයන් අනුව විමර්ශන සිදුකරනවා.