වාහන සඳහා වන අංක තහඩු මුද්‍රණය සීමා කිරීම මත වාහන නව ලියාපදිංචියේදී හා හිමිකම් පැවරීමේදී අංක තහඩු නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
ඒ අනුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අංක තහඩු නිකුත් නොකිරීම සම්බන්ධයෙන් ලිපියක් වාහන නව ලියාපදිංචිය හා හිමිකම් පැවරීමේදී වාහන හිමිකරැ වෙත නිකුත් කරනවා.
අදාල ලිපිය අනුව අංක තහඩු නිකුත් කිරීම නැවත අරඹන තුරු එම වාහන හිමියන් අපහසුතාවට පත් නොවන සේ කටයුතු කරන්නයි පොලිස්පතිවරයාවද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා ලිපියකින් දැනුම්දී තිබෙනවා.