ශ්රී ලංකා සංචාරක ක්ෂේත්රයේ නව සංධිස්ථානයක් සනිටුහන් කරමින් කටුනායක සහ ස්විට්සර්ලන්තය අතර නව ගුවන් සේවාවක් ඊයේ (01) ආරම්භ කෙරුණා.
Edelweiss ගුවන් සේවයට අයත් අදාළ යානය ඊයේ මෙරටට පැමිණියේ සංචාරකයින් 251 දෙනෙකු ද සමගයි.
ශීත ඍතුව එළැඹීමත් සමග ස්විට්සර්ලන්තයේ සුරික් සහ කටුනායක අතර ආරම්භ වූ නව ගුවන් සේවයේ මංගල ගුවන් යානය ලෙස Edelweiss ගුවන් සේවයේ WK68 දරන A 330 වර්ගයේ යානයක් මෙලෙස දිවයිනට පැමිණියා.
සෑම සිකුරාදා දිනකම ස්විට්සර්ලන්තයේ සූරික් නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ දක්වා පියාසර කෙරෙන මෙම යානය එදිනම සූරික් වෙත ගමන් කරන්නේ මාලදිවයිනේ මාලේ අගනුවර හරහායි.
මෙම සේවාව ලබන වසරේ ජනවාරි සිට සතියකට දින දෙකක් ක්රියාත්මක කිරීමට නියමිත බව ගුවන්තොටුපොළ නිලධාරීන් ප්රකාශ කළා.