විදේශ රටවල එක මාසයක ආදායමෙන් වාහනයක් මිලට ගත හැකි බව ජාතික ජන බලවේගයේ ගාල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු අපේක්ෂක කණ්ඩායම් නායක නලින් හේවගේ මහතා පවසනවා.
අපේ රටේ මුළු ජීවිතේම උපයන මුදල එකතු කලද මිලට ගත හැක්කේ ටැක්ටරයක රෝදයක් පමණක් බවත් ඔහු සඳහන් කළා.
ජපානයේ විට්ස් වර්ගයේ මෝටර් රථයක් රුපියල් ලක්ෂ දොළහකට ලංකාවට ගෙනත් දිය හැකි බවත් එසේ ගෙනත් දෙන්නේ නම් හැමෝටම එය මිලට ගත හැකි බවත් ඔහු කියා සිටියා.
නමුත් රජයෙන් එම වාහන සඳහා රුපියල් ලක්ෂ හැත්තෑවක අසූවක පමණ බද්දක් අය කරමින් සිටින බවත් ජනතාවට වාහනයක් මිලට ගත නොහැක්කේ වාහන මිල වැඩි නිසා නොව තක්කඩි පාලකයන් නිසා බවද ඔහු චෝදනා කරනවා.
ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් වසර දහයක කාලයක් ඇතුළත ලංකාවේ සෑම නිවසටම වාහනයක් ගත හැකි ආකාරයේ ආර්ථිකයක් ගොඩනගන බවත් ඔහු කියා සිටියේ ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මැතිවරණ ජන හමුවක් අමතමින්.