
එළැඹෙන 2025 වර්ෂයේදී පාකිස්ථානයේදී පැවැත්වෙන චැම්පියන්ස් කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ සත්කාරක රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව තෝරා ගැනීමට ඉඩක් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
ඒ, තරඟාවලියේ බොහෝ දෙනාගේ අවධානයට යොමු වූ ඉන්දු – පාකිස්ථාන තරගයේ සත්කාරක රාජ්‍යය ලෙසයි. පාකිස්ථානයේ සත්කාරකත්වය යටතේ පැවැත්වෙන මෙම තරඟාවලියට සහභාගී වීමට පාකිස්ථානයට නොපැමිණෙන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ඊයේ (11) නිල වශයෙන් තහවුරු කිරිමත් සමගින් මෙම අවශ්‍යතාවය මතු වී තිබෙනවා.
එසේ වුවහොත් මෙම ඉන්දු – පාකිස්ථාන තරගය ඩුබායි රාජ්‍යයේ හෝ ශ්‍රී ලංකාවේදී පැවැත්වීම පිළිබඳ ඉදිරි තීරණයක් ගන්නා බව ඉන්දීය ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් පවසනවා. තරගාවලිය එළඹෙන වසරේ (2025) පෙබරවාරි 19 වැනිදා සිට මාර්තු 01 වනදා දක්වා පැවැත්වෙනවා. එහි ඉන්දු – පාකිස්ථාන තරගය පැවැත්වීමට සැලසුම් කර තිබුණේ මාර්තු 01 වැනිදා ලහෝර් හි ගඩාෆි ක්රීඩාංගණයේදීයි.
කෙසේවතත් මෙම තරගාවලියට සුදුසුකම් ලැබීම පසුගිය වසරේදී ඉන්දියාවේදී පැවති එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් ප්‍රසාද ලකුණු සටහන අනුව සිදු කෙරුණු අතර ඒ සඳහා ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබුවේ නැහැ.