පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්‍රීවරුන්ට මේ වනවිට නීත්‍යානුකූලව විශේෂ වරප්‍රසාද 7 ක් හිමිවන බවට වාර්තා වනවා.
ගිනි අවි පුහුණුව, පොලිස් ආරක්ෂාව සහ නිවසේ ආලෝකකරණය සඳහා ආලෝකය වැඩි විදුලි පහන් 4 ක් මන්ත්‍රීවරුන්ට හිමිය. ඊට අමතරව වැටුප් සහ දීමනා ගණනාවක්ද ලැබේ. මන්ත්‍රී වැටුප රු. 54285/- කි. එක් පාර්ලිමේන්තු දිනක රැස්වීම් සඳහා රු. 2500/- දීමනාවක්ද හිමි වනවා.
මන්ත්‍රීවරුන්ට හිමිවන ඊළඟ වරප්‍රසාදය වන්නේ රු. 2000/- ක මාසික කුලියකට මන්ත්‍රී නිවාසයක් ලැබීමයි.
ඊට අමතරව මන්ත්‍රීවරයකුට කාර්යාලයක් පවත්වාගෙන යාමට මසකට රුපියල් ලක්ෂයක මුදලක් ගෙවනු ලබනවා. මේ හැර රුපියල් දස ලක්ෂයක් වටිනා රක්ෂණ ආවරණයක් මන්ත්‍රීවරයකුට හිමි වනවා. මන්ත්‍රීවරයකුගේ ජීවිත හානියකදී රුපියල් කෝටියක වන්දියක් පිරි නැමෙනවා. මන්ත්‍රීවරයකුගේ සාමාන්‍ය අසනීපවලට පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර කෙරෙනවා.
මේ හැර මන්ත්‍රීන්ට තීරු බදු සහන සහිතව වාහන බලපත්‍රයක් සහ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්රයක්ද ලැබෙනවා. මෙයට අමතර මැති සබයේදී මන්ත්‍රීවරයකු පවසන කරුණක් සම්බන්ධයෙන් නඩු පැවරිය නොහැකියි. ඒ ගැන ප්‍රශ්න කිරීමට හෝ අත්අඩංගුවට ගැනීමට හැකියාවක්ද නොමැති බව වරප්‍රසාද පනතේ සඳහන්.
මේ ආදී ප්‍රධාන වරප්‍රසාද 7 ක් සහ අතුරු වරප්‍රසාද ගණනාවක් මන්ත්‍රීවරයකුට හිමිවන බව ඊට අදාළ විධි විධානවල සඳහන්.