10 වැනි පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා කාන්තාවන් 21 දෙනෙකු මෙවර මැතිවරණයෙන් තේරී පත්ව තිබීම විශේෂත්වයක්.
ඉන් 19 දෙනෙකුම ජාතික ජන බලවේගයෙන් වන අතර දෙදෙනෙක් සමගි ජන බලවේගයෙන්.
ඒ අනුව ආචාර්ය හරිනි අමරසූරිය, කෞෂල්‍යා ආරියරත්න, සමන්මලී ගුණසිංහ, හේමාලි සුජීවා, නිලන්ති කොට්ටහච්චි, ඔශානි උමංගා, තුෂාරි ජයසිංහ, අනුෂ්කා තිලකරත්න, කිෂ්නන් කලෙයිචෙල්වි, හසාරා ලියනගේ, සරෝජා පෝල්රාජ්, මුතූ රත්වත්තේ, ගීතා හේරත්, හිරුණි විජේසිංහ, අම්බිකා සැමුවෙල්, චතුරි ගංගානි, නිලුෂා ගමගේ, සාගරිකා ආතාවුද, දීප්ති වාසලගේ යන කාන්තාවන් ජාතික ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබෙනවා.
මේ අතර සමගි ජන බලවේගය නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිනි කුමාරි විජේරත්න සහ චමින්ද්‍රානි කිරිඇල්ල තේරී පත්ව තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම කාන්තා පාර්ලිමේන්තු නියෝජනය මෙය වනවා.