ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන තුන්වැනි සහ අවසන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව තරගාවලියේ ජය 2ට 0ක් ලෙස ශ්‍රී ලංකාව දිනා ගත්තා.
එම තරගය අද (19) දහවල් මහනුවර, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී ආරම්භ වුණා.
කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි අතර පන්දුවාර 21ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 112ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.