මිහින්තලය රෝහලෙන් නිකුත්කළ ඖෂධ ලබාගත් ළමුන් කිහිපදෙනෙකුට ඇතිවූ ආසාත්මිකතාවයක් නිසා රෝහල්ගත කර ඇති බවට වාර්තා වනවා.
වයස අවුරුදු 6 සිට 12 දක්වා දරුවන්ට සෙම්ප්‍රතික්ශාව සහ සෙම සඳහා ඖෂධ ලබාගත් පසු එම ආසාත්මිකතාවය ඇති වී තිබෙනවා.
මිහින්තලේ රෝහලෙන් අවශ්‍ය බෙහෙත් ලබාගෙන එම ඖෂධ දරුවන්ට දුන් පසු එම දරුවන්ගේ කටවල් ඇදවී, දිව එළියට ඇවිත් බෙල්ල කඩා වැටී තිබූ බව සඳහන්.
එලෙස රෝගීවූ දරුවන් 9 දෙනෙක් මිහින්තලේ රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට යවා තිබෙනවා.