සුප්‍රකට ශ්‍රී ලාංකික චිත්‍ර ශිල්පියෙකු වන Mueen Saheed විසින් පාකිස්ථාන ඔලිම්පික් ක්‍රීඩක අර්ෂාඩ් නදීම්ගේ ඓතිහාසික ජයග්‍රහණය “The Throw” නමින් සිත් ඇදගන්නා චිත්‍රයක් සිතුවම් කර තිබෙනවා.
මෙම අග්‍රගන්‍ය චිත්‍රය මගින් පාකිස්ථානයේ මලල ක්‍රීඩක අර්ෂාඩ් නදීම් වසර 32කට පසු එරටට ලබාදුන් රන් පදක්කම පිළිබඳව පෙන්වනු ලබනවා.
එරටට ලබා දුන් මෙම ඓතිහාසික ජයග්‍රහණය ඔහු මෙම සිතුවම මගින් නම් කර ඇත්තේ “The Throw” නමිනුයි.
නව ඔලිම්පික් වාර්තාවක් පිහිටුවමින් අර්ෂාඩ් විසින් මෙම රන් පදක්කම පිරිමි හෙල්ල විසි කිරීමේ තරඟයෙන් දිනා ගත් අතර ඔහු තැබූ ඔලිම්පික් වාර්තාවේ දුර සටහන් වූයේ මීටර් 92.97ක් ලෙසයි. පාකිස්ථානය සිය අවසන් ලෝකඩ පදක්කම දිනා ඇත්තේ 1992 වර්ෂයේ වන අතර පාකිස්ථානයේ පළමු රන් පදක්කම දිනාගත් අවස්ථාව මෙය වනවා.
සහීඩ් තම චිත්‍ර කලාව හරහා ජයග්‍රාහී අවස්ථා සහ මිනිසුන්ගේ මානව හැඟීම් පෙන්විය හැකි චිත්‍ර ශිල්පියෙක් ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇති අතර සම්භාවනීය අමුත්තන් සහ කලා ලෝලීන් සහභාගී වූ උත්සවයකදී මෙම චිත්‍රය පාකිස්තාන ජාතික කලා කවුන්සිලයට (PNCA) ඉදිරිපත් කර තිබෙනවා. මේ වන විට පැසිෆික් වයඹදිග කලා විද්‍යාල එකතුවෙහි ස්ථිර සිතුවමක් වන මෙය, ක්‍රීඩකයාගේ නොපසුබස්නා උත්සාහය හුවා දක්වා තිබෙනවා. එමෙන්ම මෙහි විශේෂත්වය වන්නේ නදීම්ගේ මව ද එම සිතුවමට එක් කර තිබීමයි.
එමෙන්ම මෙම සිතුවම ප්රදානය කිරීමේ උත්සවයේදී සහීඩ්, නදීම්ගේ සාර්ථක ගමන ගැන ආවර්ජනය කර තිබෙනවා. විශේෂයෙන් එම ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගත් ඉන්දීය මලල ක්‍රීඩක නීරාජ් චොප්රා සමග ඔහු තරග කළ ආකාරය සහ සහීඩ්ගේ අධිෂ්ඨානය සහ කැපවීම පිළිබඳව මතක් කර තිබෙනවා.
මෙම අවස්ථාවට සහභාගී වූ ප්රවෘත්ති කටයුතු පිළිබඳ අමාත්‍ය Attaullah Tarar මහතා සහීඩ්ගේ මෙම ජයග්‍රහණය පැසසුමට ලක් කරමින් දේශසීමා සහ ක්‍රීඩාව ඉක්මවා ගිය වීරයන් සැමරීමේ කලාවේ කාර්යභාරය අවධාරණය කර තිබෙනවා.
කෙසේවෙතත් Mueen Saheed ගේ මෙම කලාත්මක දායකත්වය තුළින් ඔහුට ලැබී ඇති ජාත්‍යන්තර පිළිගැනීම පිළිබඳව අපි මීට පෙර ලිපියකදිත් ඔබට සඳහන් කළා.
Saheed ගේ මෙම උත්සාහය තුළින් පාකිස්ථානයේ කලා ප්‍රජාව අතර සහයෝගීතාවය මෙන්ම කලාව සහ ක්‍රීඩාව එක්බද්ධ කිරීමටද හැකියාව ලැබුණා. මෙම කලා කෘතිය හරහා නදීම්ගේ ජයග්‍රහණයට ගෞරව දැක්වීමට මෙන්ම මෙය ඓතිහාසික අවස්ථාවක් ලෙස බොහෝ දෙනෙකුගේ මතකයේ රඳවන්නටත් ඔහුට හැකියාව ලැබුණා.