
උප්පුවේලි ප්රදේශයේදී පුද්ගලයෙකුව ඝාතනය කර කැබ් රථයක් තුළට දමා පුළුස්සා ඇති බව පොලීසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 41 හැවිරිදි ඇලස්වත්ත, ත්රිකුණාමලය ප්රදේශයේ පදිංචිකරුවෙක්.
ඊයේ (13) උප්පුවේලි පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයක දී හෙළිවී ඇත්තේ පුද්ගලික ආරවුලක් මත ඊයේ අළුයම් කාලයේ දී මෙම ඝාතනය සිදුකර ඇති බවයි.
අපරාධයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් අවුරුදු 24ක් වයසැති කුච්චවේලි ප්රදේශයේ පදිංචි සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඝාතනයට ලක් වූ පුද්ගලයා නිලාවේලී පාර ඇලස්වත්ත ප්රදේශයේ වෙළෙඳසැලක් පවත්වාගෙන ගොස් ඇති අතර මෙම පුද්ගලයා තවත් දෙදෙනෙකු සමඟ වෙළෙඳසැල තුළ සිටිය දී සැකකරුවන් යතුරුපැදියකින් පැමිණ මෙම පුද්ගලයාට පහරදී ඔහුව ඔහුගේම කැබ් රථය ද සමඟ පැහැරගෙන ගොස් තිබෙනවා.
පසුව ඔහුව ඝාතනය කර දේහය මොරවැව ප්රදේශයේ කැලෑබද ස්ථානයකට ගෙන ගොස් කැබ් රථය තුළ ට දමා පුළුස්සා තිබෙනවා.
මේ පිළිබඳව උප්පුවේලි පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.