කලා වැව රක්ෂිතයේ සැරිසැරූ විශාලම දළ යුගලය හිමි ඇතා ලෙස සැලකෙන දීඝ දන්තු එක නැමැති ඇතා විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කළේ අනුරාධපුර ගල්කිරියාගම ආඩියාගල ප්‍රදේශයේ නිවසක අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක ගැටී මෙම ඇතා මියගොස් ඇති බවයි.
ශ්‍රී ලංකාවාසීන්ට අලි ඇතුන් සමග ඇත්තේ දිගු අතීතයකට දිවෙන සම්බන්ධතාවක්.
එහෙත් මෙරට තුළ මේ වන විට අනතුරු හේතුවෙන් මරණයට පත්වන අලි ඇතුන්ගේ සංඛ්‍යාව වැඩිවෙමින් පවතිනවා.
අලි ඇතුන් දඩයම් කිරීම හක්කපටස් තැබීම, වෙඩි තැබීම, විදුලි රැහැන්වලට හසු කිරීම වැනි ක්‍රමවේදයන් හරහා සිදුවන බව නොරහසක්.
ඒ අතරින් වැඩිම වන ඇතුන් ප්‍රමාණයක් මියයන්නේ අනවසර විදුලි රැහැන්වලට හසුවීමෙන් බව පරිසරවේදීන් අනාවරණ කරගෙන තිබෙනවා.
කලා වැව රක්ෂිතයේ සැරිසැරූ විශාලම දළ යුගලය හිමි ඇතා ලෙස සැලකෙන දීඝ දන්තු එක නැමැති ඇතා කහල්ල පල්ලේකැලේ, මහව, කලාවැව,කැකිරාව යන ප්‍රදේශවල සැරිසරන දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණයට ලක්ව සිටි ඇතෙක්.
ඡායාරුප ශිල්පීන්ගේද නොමද පිලිගැනීමක් ඇති සත්වයෙකු ලෙසයි දීඝ දන්තු එක නමැති ඇතා සැලකෙන්නේ.
මෙම සද්දන්තයා අවස්ථා කිහිපයකදී වෙඩි ප්‍රහාරවලටද ලක්ව ප්‍රතිකාර ලැබුවා.
අදාළ නිවසේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර වන ජීවී දෙපාර්තමේන්තුවේ විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් සිද්ධිය වූ ස්ථානයට යොමු කර ඇති බව වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවසුවා.
එම දළ ඇතා අවුරුදු 40ත් 50ත් අතර වයසේ පසුවු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් ආඩියාගල වනජීවි කාර්යාලය සහ පොලිසිය මගින් වැඩඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.
මින් පෙරත් රේවත සහ භරණ යන ඇතුන්ද මියගොස් ඇත්තේ විදුලි සැර වැදීමෙන්.
මනසින් උසස් සත්ව කොට්ඨාසයක් වන මිනිසුන් අලිමිනිස් ගැටලුව සම්බන්ධයෙන් මිනිසත් භාවයෙන් යුතුව කටයුතු කරන්නේ නම් මිනිස් ජීවිත මෙන්ම වන අලි සම්පත ද රැක ගැනීමට හැකිවනු ඇති.