ලොව පුරා දරුවන් අතර මෙන්ම වැඩිහිටියන් අතරද ප්රචලිත වූ හැරී පොටර් කතා මාලාව ටෙලි තිරයේ දිග හැරීමට වෝනර් බ්රදර්ස් සමාගම සූදානම් වනවා.
ලබන වසරේ දී එහි රූගත කිරීම් සිදුවන්නේ, එම සමාගමේ චිත්රාගාරයේ සහ හැරී පොටර් චිත්රපට රූගත කළ ප්රදේශයන් වලදීයි.
පසුගිය සැප්තැම්බරයේ අදාළ චරිත තෝරා ගැනීම වෙනුවෙන් පළ කළ නිවේදනයට ළමයින් 32,000ක් පමණ ඉල්ලුම් කර තිබූ බවද සඳහන්.
කෙසේවෙතත් එම දරුවන් එංගලන්තයේ හෝ අයර්ලන්තයේ පදිංචිකරුවන් විය යුතු බවටයි නියම කර ඇත්තේ.
මේ වන විට දහස් ගණනක් ඉල්ලුම්කරුවන් අතුරින් චරිත තෝරා ගැනීම් සිදු වනවා.
ඉංග්රීසි ලේඛිකා ජේ.කේ. රෝලින් විසින් රචිත හැරී පොටර් කතා මාලාව ලොව පුරා භාෂා 68කට පරිවර්තනය වුණා.
ලොව පුරා පිටපත් මිලියන 50කට ආසන්න ප්රමාණයක් අලෙවි වූ අතර හැරි පොටර් චිත්රපට ආදායම් වාර්තා අතර ඉහළින්ම පසුවනවා.