100 හැවිරිදි බර්නි ලිට්මන් සහ 102 හැවිරිදි මාර්ජෝරි ෆිටර්මන් ලොව වයස්ගතම අලුත විවාහ වූවන් ලෙස ඉතිහාසයට එක් වෙලා තියෙනවා.
ඔවුන්ගේ ආදර කතාව ආරම්භ වූයේ ෆිලඩෙල්ෆියාහි මහලු නිවසක වන අතර දෙදෙනාම සිය කලින් සහකරු සහ සහකාරියගේ අභාවයෙන් පසුව එම නිවස වෙත ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
දශක ගණනාවකට පෙර ඔවුන් පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ සිසුන් ලෙස ද හමු වී තිබීම මෙම විවාහයේ තවත් විශේෂත්වයක් වෙනවා.
කෙසේවෙතත් Guinness World Records ඔවුන් 2024 දෙසැම්බර් 3 වන දින මෙම යුවළ වයස්ගතම අලුත විවාහ වූ යුවළ ලෙස තහවුරු කරලා තියෙනවා.