ඊයේ (24) මැදියම් රැයෙන් උදා වූ ජේසු බිළිඳාගේ උපත සැමරෙන නත්තල ලෝක ප්‍රජාව විසින් පිළිගනු ලැබුවේ මහත් උත්සවශ්‍රීයෙන්.
වසරකට අධික කාලයක් පුරා ඊශ්‍රායල යුද ගැටුම්වලට මැදිව සිටියත් ගාසා තීරයේ කිතුනු බැතිමතුන් ද ඉතා බැතියෙන් මෙවර නත්තල සමරනු ලැබුවා.
ඒ අනුව ගාසා තීරයේ ප්‍රධාන නත්තල් දේව මෙහෙය පැවැත්වුණේ ගාසා සිටි නගරයේ හෝලි ෆැමිලි දේවස්ථානයේ දී යි.
මේ අතර වසර පහකට පෙර ගිනිගෙන හානි වූ පැරීසියේ නෝත්‍රදාම් ආසන දෙව් මැදුරේද නත්තල් දේව මෙහෙය පැවැත්වුණා.
එය යළි විවෘත කිරීමෙන් පසු පැවැත්වුණු පළමු නත්තල් දේව මෙහෙයද මෙය වනවා.
එමෙන්ම රාජකීය නත්තල් කැරොල් ප්‍රසංගය මෙවරත් උත්කර්ෂවත් අයුරින් වෙස්ට්මින්ස්ටර් ඇබේ දේවස්ථානයේදී පැවැත්වුණා.
ඒ කේට් කුමරියගේ මෙහෙයවීමෙන්.
මේ අතර යුක්රේනයේ කිතුනු බැතිමතුන් මෙවරත් පසුගිය වසරේ සේම නත්තල සමරන්නේ අද සහ හෙට දෙදින තුළයි.
2023 වසර පෙර ජුලියන් දින දර්ශනයට අනුව ඔවුන් නත්තල සැමරුවේ ජනවාරි 7 වැනිදායි.
යුක්රේන ජනතාව මෙලෙස නත්තල සමරන්නේ අඛණ්ඩ රුසියානු ප්‍රහාර හේතුවෙන් ඔවුන්ට දරුණු විදුලි අර්බුදයකට ද මුහුණ දීමට සිදුව ඇති පසුබිමක වීම විශේෂත්වයක්.
ලොව පුරා කිතුනු බැතිමතුන් මෙලෙස සිය ආදරණීයයින් සමග නත්තල සමරද්දී සිය සමීපතමයින්ගේ දුරස්ව කල් ගෙවන ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ ගගනගාමීන්ද සිය නත්තල් සුබ පැතුම් එක්කරනු ලැබුවා.