
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි අතර කෙටි හමුවක් සිදුව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අවමංගල්‍ය දේව මෙහෙයට ප්‍රථම අදාළ හමුව සිදුව ඇති බවයි.
ජනාධිපතිවරුන් දෙදෙනා විනාඩි 15ක පමණ කෙටි පිළිසඳරක නිරතව තිබුණද, අදාළ සාකච්ඡාව ඉතා වැදගත් බව විදෙස් වාර්තා සඳහන් කර තිබෙනවා.
ධවල මන්දිරයේදී අමෙරිකානු ජනාධිපතිවරයා සහ යුක්රේන ජනාධිපතිවරයා අතර ඇතිවූ උණුසුම් වචන හුවමාරුවෙන් අනතුරුව දෙදෙනො හමුවූ පළමු අවස්ථාව මෙය වනවා.