ප්රාඩෝ වර්ගයේ ජීප් රථයක් පැහැර ගත් බවට ජාතික ජන බලවේග කොළඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකුට එරෙහිව පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.
එම පැමිණිලි කර ඇත්තේ එම මන්ත්රීවරයාගේ බිරිඳවන නීතිඥවරියක් විසින්.
තමන්ට අයත් මෙම ජීප් රථය රැගෙන ගොස් පරිහරණය කරන බවත් එම රථය කිසියම් නීති විරෝධී ක්රියාවක් සඳහා යොදවා ගන්නේදැයි බලවත් සැකයක් පවතින බවත් නීතීඥ බිරිඳ මෙම පැමිණිල්ල මගින් කියා සිටිනවා.
තමාගේ රථය සැමියා ගෙන ගොස් පරිහරණය කිරීමෙන් තමන්ගේ ගමන් බිමන් යාමට නොහැකිව අපහසුතාවයට පත්ව සිටින බව ද ඇය සදහන් කර තිබෙනවා.
තම සැමියා ජාතික ජන බලවේග මන්ත්රීවරියක් සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යන බවත් එම සම්බන්ධතාවය නතර කරන ලෙස අවස්ථා ගණනාවකදී අවවාද කළත් එය නතර කර නොමැති බවද පැමිණිලිකාරිය කියා සිටිනවා.
එම අනියම් සම්බන්ධතාවය නතර නොකළ නිසා තමන් තම මවගේ නිවසට ගොස් පදිංචිව සිටින බව ඇය කළ පැමිණිල්ලේ සඳහන්.
මේ පිළිබවදව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.