‘බාල බෙහෙත් කියලා ලෝකයේ කොහෙවත් නැහැ’ යයි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථා සභාපති විශේෂඥ වෛද්‍ය මනුජ් වීරසිංහ මහතා පවසනවා.
ඔහු මේ අදහස් පළ කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීයි.
“බොහෝ දෙනෙක් කියනවා රටට බාල බෙහෙත් ගේනවා කියලා. බාල බෙහෙත් කියලා ලෝකයේ කොහෙවත් නැහැ. ඒක සම්පුර්ණ මිත්‍යාවක්. ඒක විශාල ලෙස සමාජගත කරලා තියෙනවා. ඖෂධ කර්මාන්තය කියන්නේ සිවිල් ගුවන් යානා කර්මාන්තයට දෙවැනි වන තත්ත්ව පාලන සහතික සහිත ආයතන.
කවුරු හරි සැපයුම්කරුවෙක් මෙහෙ ලියාපදිංචි වෙලා නැත්තම් ඒකටත් වෙනම ක්‍රමවේදයක් තියෙනවා. අපිට ඖෂධ සැපයුම්කරුවන්ගෙන් බලහත්කාරයෙන් ලියාපදිංචිය ගන්න බැහැ. ඒ වගේම ඖෂධ 150ක් 200ක් නැහැ කිව්වා පමණින් හිඟයක් ඇති බවට නිගමනය කිරීම වැරදියි. මොකද යම් ඖෂධයක් රජයේ රෝහලක නොමැති නම් විවෘත වෙළෙඳපොළ හරහා මිලදී ගැනීමේ ක්‍රමවේදයක් තිබෙනවා.”