කොළඹ ප්රධාන මහෙස්ත්රාත් තිළිණ ගමගේ මහතාට අධිකරණ සේවා කොමිසම විසින් ස්ථාන මාරුවක් ලබාදී තිබෙන බව වාර්තා වනවා.
අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේ, ඒ අනුව තිළිණ ගමගේ මහතාට මොරටුව දිසා අධිකරණය වෙත මාරුවීමක් ලබාදී තිබෙන බව වාර්තාවී ඇති බවයි.
රුපියල් ලක්ෂ 90ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්රී සලෝචන ගමගේ ඇතුළු සැකකරුවන් දෙදෙනෙකුට අදාළ නඩුව විභාග කිරීම සඳහා වෙනත් මහෙස්ත්රාත්වරයෙකු පත් කරන ලෙස කොළඹ ප්රධාන මහෙස්ත්රාත්වරයා ලෙස කටයුතු කළ තිළිණ ගමගේ මහතා ඊයේ අධිකරණ සේවා කොමිසම වෙත ලිඛිත ඉල්ලීමක් යොමු කර තිබුණා.