ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව (STC) හරහා ලුණු මෙට්‍රික්ටොන් 20,000ක් ආනයනය කිරීම සඳහා හෙට (03) සිට ටෙන්ඩර් විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.
අදියර 2ක් යටතේ එලෙස ලුණු ආනයනය කිරීමට පියවර ගන්නා අතර පළමු අදියර යටතේ මෙට්‍රික්ටොන් 20,000ක් සහ දෙවන අදියර යටතේ මෙට්‍රික්ටොන් 10,000ක් ආනයනය කෙරෙනු ඇති.
ඒ අනුව පළමු අදියර යටතේ ලුණු මෙට්‍රික්ටොන් 20,000ක් ආනයනය කිරීම සඳහා හෙට දිනයේ මෙලෙස ටෙන්ඩර් විවාත කිරීමට නියමිතයි.
මෙලෙස ආනයනය කෙරෙන ලුණු කර්මාන්ත අමාත්‍යාංශය යටතේ බෙදාහැරීමට කටයුතු යොදා තිබෙනවා.
මෙලෙස ආනයනය කෙරෙන ලුණු කර්මාන්තවල අවශ්‍යතාවය සඳහා පමණක් භාවිත කරන බවත් සාමාන්‍ය ජනතාවගේ පරිභෝජනය සඳහා ලබානොදෙන බවත් වැඩිදුරටත් වාර්තා වුණා.