හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් මෙන්ම විද්වතෙකු වන ජේ. ආර්. පී. සූරියප්පෙරුම මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
1928 ජූනි 8වනදා උපත ලැබූ ඒ මහතා මිය යනවිට 96 වියේ පසුවුණා.
කාලයක පටන් අසනීප තත්වයෙන් පසුවූ ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය බවයි වාර්තා වන්නේ.
හිටපු විශ්ව විද්‍යාල ආචාර්යවරයෙකුද වන ඔහු ජනමාධ්‍ය ඇතුළු විවිධ වැඩසටහන් සඳහා සම්පත්දායකයෙකු ලෙසද සහභාගී වූ ජේ.ආර්.පී. සූරියප්පෙරුම ජනප්රසාදය දිනාගත් අයෙක්.
එම වැඩසටහන් ඔස්සේ සමාජය දැනුමෙන් පෝෂණය කිරීමට වෙහෙස වූ අය අතර මොහු ඉදිරියෙන් සිටියා.
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් දේශපාලනයට පිවිසි ජේ.ආර්.පී සූරියප්පෙරුම 1928 ජුනි මස 08 වැනි දින උපත ලබා තිබෙනවා.