විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ මුදල් ලැබීම් ඉකුත් වර්ෂයේ (2024) ඔක්තෝබර් මාසයට සාපේක්ෂව නොවැම්බර් මාසයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 530 දක්වා අඩු වී ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වනවා.
ඉකුත් වර්ෂයේ ඔක්තෝබර් මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ මුදල් ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 588 ක් ලැබී තිබූ අතර නොවැම්බර් මාසයේ දී ප්‍රේෂණ මුදල් ලැබීම් ඇමරිකානු ඩොලර් මිලියන 58කින් අඩු වී තිබුණා.
2023 වර්ෂයේ නොවැම්බර් මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ මුදල් ලැබීම් ඇමරිකානු ඩොලර් මිලියන 537ක්.
කෙසේ වුවද 2024 මාර්තු මාසයේ සිට මාසික විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ මුදල් ලැබීම් අඛණ්ඩව ඇමරිකානු ඩොලර් මිලියන 500 කට වඩා වැඩි මුදලක් ලැබී තිබුණා.
ඉකුත් වර්ෂයේ මුල් මාස 11 දී (ජන – නොවැ.) විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ මුදල් ලැබීම් 2023 වර්ෂයේ මෙම කාල සීමාවට වඩා ඇමරිකානු ඩොලර් මිලියන 5,962 දක්වා සියයට 10.4කින් වර්ධනය වී තිබුණා.
2023 වර්ෂයේ මුල් මාස 11 තුළ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ මුදල් ලැබීම් ඇමරිකානු ඩොලර් මිලියන 5400ක්.