හැටන් ශ්රි මාණික්කපිල්ලේයාර් හිංදු කෝවිලේ උත්සව ශාලාවේ උඩ කොටස තුල හටගත් ගින්නක් හේතුවෙන් එහි පුටු ආදිය විනාශයට පත්ව එම ශාලාවටද හානි සිදුව තිබෙනවා.
මේ පිලිබඳව කරන ලද විමසීමකදි අදහස් දැක්වු එම කෝවිලේ පුද්ගලයකු පවසන ලද්දේ 05වන දින අළුයම් කාලයේදි මෙම උත්සව ශාලාවේ උඩ කොටස තුල හදිසියේ ගින්නක් ඇතිවු බවයි.
පසුව හැටන් පොලිසියේ නිලධාරින් ප්රදේශවාසින් එක්ව එම ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කල බවත් මෙම ගින්න හේතුවෙන් එම උත්සව ශාලාවේ උඩ කොටසට හානි සිදුව ඇති අතර එහි තිබු පුටු සියල්ලද විනාශයට පත්ව ඇති බවයි.
මෙම ගින්න විදුලි කාන්දුවකින් හට ගන්නට ඇතැයි සැක කරන අතර මේ පිලිබදව හැටන් පොලිසිය පුළුල් පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.