ජාතික තරුණ සේවා සභාව සංවිධානය කළ ‘ස්මාර්ට් යූත්’ නමැති සංගීත සංදර්ශන මාලාවක් වෙනුවෙන් රු.323,393,249ක මුදලක් වැයකර ඇති බවට අනාවරණය වී තිබෙනවා.
අදාළ වියදම් සම්බන්ධයෙන් තරුණ සේවා සභාව කළ විගනණයකදී මේ බව හෙළිවී තිබෙනවා.
එම ප්‍රසංග මාලාව මහරගම, ගාල්ල, අම්පාර, කුලියාපිටිය, දඹුල්ල, යාපනය සහ මහියංගනය ඇතුළු නගර 14කදී පවත්වා ඇති අතර එවකට ජාතික තරුණ සේවා සභාව පාලනය වී ඇත්තේ, එවකට තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු යටතේයි.
මීට අදාළ සම්පූර්ණ වාර්තාව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යවා ඇති බවට වාර්තා වනවා.
මෙම අනාවරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස විෂය භාර නියෝජ්‍ය ඇමැති එරංග ගුණසේකර උපදෙස් ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ.