“පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයෙන් පසුව ලබා දුන් තේ පැන් සංග්‍රහවල සත්‍ය වියදම් මෙන්න” යන මැයෙන් පසුගියදා ජාතික පුවත්පතක පළවූ වාර්තාව සම්බන්ධව පාර්ලිමේන්තුව විසින් මාධ්‍ය වාර්තාවක් නිකුත් කරමින් කරුණු අවධාරණය කර තිබෙනවා.
එම මාධ්‍ය වාර්තාවේ දක්වා ඇත්තේ, පාර්ලිමේන්තු වැය ශිර්ෂ යටතේ චාරිත්‍රානුකූලව පවත්වන උත්සව කටයුතු සහ තේ පැන් සංග්‍රහ කටයුතු වෙනුවෙන් නවවැනි පාර්ලිමේන්තුවේ මංගල සැසියේදී රුපියල් 287,340ක මුදලක්ද දසවැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයෙන් පසුව ලබාදුන් තේ පැන් සංග්‍රහය වෙනුවෙන් රුපියල් 339,628.55ක මුදලක් වැය වී ඇති බවයි.
නවවැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය 2020.08.20 වැනි දිනද දසවැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය 2024.11.21 යන දිනයන්හිදී පැවැත්වූවා.
ඒ අනුව, නවවැනි සහ දසවැනි පාර්ලිමේන්තුව වල මංගල සැසිවාරයන් වෙනුවෙන් පවත්වනු ලැබූ තේ පැන් සංග්‍රහ කටයුතු වෙනුවෙන් දරන ලද වියදම අතර වෙනස පිළිබඳව එම නිවේදනයේ දක්වා තිබෙනවා.
එම නිවේදනයෙන් උපුටාගත් කොටස පහතින්,
”මෙම නවවැනි සහ දසවැනි පාර්ලිමේන්තුවල පැවැත්වූ මංගල සභා වාරයන් අතර කාල පරාසය වසර 4ක් පමණ වේ. එම කාල පරාසය තුළ වෙළඳපොළේ සිදුවූ මිල උච්චාවචනයන් ප්‍රධාන වශයෙන් සංග්‍රහ වියදම් හා අනෙකුත් වියදම් ඉහළයාමට බලපා ඇත. මෙම කාල පරාසය තුළ සිදුවූ ආර්ථික පසුබෑමත් සමග භාණ්ඩ හා සේවා වල මිල ගණන් ඉහළ යාම හේතුවෙන් අාහාර වර්ග සකස් කිරීම සඳහා දැරීමට සිදුවූ වියදම 2020 වර්ෂයට සාපේක්ෂව 2024 වර්ෂයේදී දළ වශයෙන් 100%කින් වර්ධනය වී තිබෙනවා. තවද, මේ අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පමණක් නොව ,රාජ්‍ය තාන්ත්‍රිකයින්,අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු උසස් රාජ්‍ය නිලධාරීන්, ආරාධිතයින් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වූ බව වැඩිදුරටත් දන්වනවා.”