2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත අනුව මේ වසරේ ජනවාරි මස 1 වනදායින් ආරම්භ වී දෙසැම්බර් මස 31 වනදා දක්වා වූ කාලසීමාව සඳහා ආණ්ඩුවේ වියදම් ලෙස රු බි 4,616ක් ලෙස ඇස්තමේන්තු ගත කර තිබෙනවා.
රු. බි 382ක ප්‍රමාණයක් ආරක්ෂක අමාත්‍යාංශය වෙත වෙන්කර තිබෙනවා.
අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් රු බි 206ක මුදලක් වෙන් කර තිබෙනවා.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් රු බි 412.9ක් වෙන් කර ඇත.
මුදල් සහ ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට රු. බි 484.9ක මුදලක් වෙන්කර ඇති අතර කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය සඳහා රු බි 83.8ක මුදල් වෙන්කර තිබෙනවා.