ජාතික ජන බලවේග ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙලක් නැති බව සර්වජන බලය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී දිලිත් ජයවීර මහතා සඳහන් කරනවා.
ආණ්ඩුවට අද වන විට හැකියාව ලැබී ඇත්තේ ක්ලීන් ශ්රී ලංකා කියමින් ත්රීවිල් වල කෑලි ගැලවීමට පමණක් බවද ඔහු කියා සිටියා.
ආණ්ඩුවට හැකියාව ලැබී ඇත්තේ ජනතා සිහින මරා දැමීමට පමණක් බවත් සිහිනවලට පණ දීමට හැකියාවක් නොමැති බවත් ඔහු සඳහන් කළා.
ආදායම් වියදම් වාර්තාවක් ඇසින් දැක හෝ ඇත්තේ නම් පසුගිය මැතිවරණවලදී පොරොන්දුව කිසිවක් ඉටු කිරීමට නොහැකි බවද පැවසූ ඔහු ඒවා ඉටුකරන වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් කිසිදු අදහසක් මේ වනතෙක් ඉදිරිපත් කර නැති බවද සඳහන් කළා.
මෝඩ ගොබ්බ වැඩ නොකර ජනතාවට පොරොන්දු වූ දේ වල් කරන ලෙසත් ඒවා කරන ආකාරය හෙළි කරන ලෙසත් එසේ නොහැකිනම් ප්රසිද්ධියේ ජනතාවට ඒ පිළිබඳව කණගාටුව පල කරන ලෙසද ඔහු ඉල්ලා සිටියා.
අද පාර්ලිමේන්තුවේ දී ඒ මහතා මෙම අදහස් දැක්වූ අතර ඒ අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්රීවරුන්ගෙන් දැඩි විරෝධතාවයන් එල්ල වුණා.