ශ්‍රී ලාංකිකයකු ඕස්ට්‍රේලියාව බලා ගමන් කළ ගුවන් යානයකදී කාන්තාවකට ලිංගික අතවර කලේ යැයි එල්ලවූ චෝදනා මත මෙල්බන් අධිකරණයේ නඩු පවරා තිබෙනවා.
ඕස්ට්‍රේලියාව බලා යන ගුවන් ගමනයකදී මෙම සිදුවීම සිදුව ඇතැයි ගුවන් යානයේ කාර්ය මණ්ඩලයට පැමිණිලි කිරීමෙන් පසු මෙල්බන් ගුවන් තොටුපලේදී මෙම ලාංකිකයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ වන විටත් ඔහුට ප්‍රාන්තයෙන් හෝ රටින් ප්‍රාන්තයෙන් පිටව යාමට තහනම් කර ඇති අතර සතියකට තුන් වතාවක් පොලිස් ස්ථානයට වාර්තා කිරීමට දැනුම් දී තිබෙනකවා.
විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට බාරගෙන ඇති අතර නිවාස අඩස්සිය යටතට පත් කර තිබෙනවා.