සහල් ආනයනය කිරීම සඳහා ලබාදී තිබු කාලය ඊයේ (10) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා.
ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රිය වනවිට ආනයනය කර රේගුවෙන් නිශ්කාෂනය කර ඇති සමස්ත සහල් ප්‍රමානය මෙට්‍රික් ටොන් 167,000 ඉක්මවන බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.
මෙම තොගය අතර කැකුළු සහල් ටොන් 66,000ක් හා තැම්බූ සහල් ටොන් 101,000ක් පවතිනවා.
එමෙන්ම මෙරටට ආනයනය කර තවමත් නිෂ්කාශනය කිරීමට නෙැහැකි වූ සහල් මෙට්‍රක් ටොන් 8,000ක ප්‍රමාණයක් පවතින බවද රේගුව සඳහන් කළා.
එම සහල් නිෂ්කාශනය කිරීම සඳහා රජය විසින් සහල් ආනයනය කිරීමේ කාලසීමාව දීර්ඝ කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කළ යුතුව තිබුණා.
මෙරට වෙළෙඳපොළේ නාඩු සහ කැකුළු සහල් හිඟයක් මතුවූ පසුබිමක සහල් ආනයනය කිරීම සඳහා රජය ආනයනකරුවන්ට විශේෂ අවසරයක් ලබා දුන්නා.