මුදල් අමාත්‍යවරයා ලෙස ජනපති අනුර කුමාර දිසානායක මහතාට ලැබී ඇති බලතල ප්‍රකාරව මධ්‍යසාර සහ දුම්වැටි මත පැනවුණු සුරාබදු අද (11) සිට ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදිත විශේෂ අරක්කු සඳහා යොදාගන්නා මධ්‍යසාර ලීටරයක් මත පැනවෙන බද්ද රුපියල් 7,244ක්.
මෙරට තුළ නිෂ්පාදිත මොලෑෂස්, තල්, පොල් සහ පදම් කළ අරක්කු සඳහා යොදා ගැනෙන මධ්‍යසාර ලීටරයක් මත පැනවෙන බද්ද රුපියල් 7,752ක් වනවා.
මෙරට නිෂ්පාදිත විදෙස් මත්පැන් සඳහා යොදාගන්නා මධ්‍යසාර ලීටරයක් සඳහා රුපියල් 7,969ක බද්දක් පනවා තිබෙනවා.
ඒ අනුව මෙලස මධ්‍යසාර කාණ්ඩ 9ක් සඳහා අය කෙරෙන බදු අද සිට සංශෝධනය කර තිබෙනවා.
මෙම නව බදු සංශෝධනත් සමග රුපියල් 3,580ක් වූ ගල් අරක්කු බෝතලයක මිල රුපියල් 102කින් ඉහළ නැංවෙනවා.
රුපියල් 3,850ක් වූ පොල් අරක්කු බෝතලයක මිල ඉහළ නැංවෙන්නේ රුපියල් 109කින්.
එමෙන්ම පරණ අරක්කු බෝතලයක මිල රුපියල් 4,000ක්ව පැවති අතර, එහි මිල රුපියල් 109කින් ඉහළ නංවා තිබෙනවා.
රුපියල් 4,250ක් වූ අති විශේෂ පරණ අරක්කු බෝතලයක මිල ද රුපියල් 109කින් වැඩිවනවා.
මේ අතර සැර අඩු බියර් බෝතලයක් රුපියල් 30කින් වැඩිවන අතර, සැර වැඩි බියර් බෝතලයක් රුපියල් 40කින් වැඩිවනු ඇති.
දේශීයව නිපදවන විදේශීය විස්කි බෝතලයක මිල ද රුපියල් 100කින් ඉහළ නංවා තිබෙනවා.
එමෙන්ම විදේශීය මත්පැන් වර්ග ඒවායේ සැර ප්‍රමාණය අනුව මිල ඉහළ යනවා.
මේ අතර අද (11) සිට ක්‍රියාත්මක වන පරිදි දුම්වැටි මිල ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව කාණ්ඩ 4ක් යටතේ දුම්වැටියක මිල රු 5ක් සහ 10ක් ලෙස වැඩිකර තිබෙනවා.
CAPSTAN සහ John Player වර්ගයේ දුම්වැටියක් රුපියල් 5කින් සහ dunhill සහ මිමී 83 වර්ගයේ Gold Leaf දුම්වැටියක් රුපියල් 10කින් වැඩි කර තිබෙනවා.