ශ්‍රී ලාංකිකයෙන් නීති විරෝධී ලෙස ඉතාලියට පැමිණීමෙන් එසේ පැමිණෙන අය මෙන්ම ඉතාලි රජයද බලවත් අපහසුතාවට පත්වන බව ශ්‍රී ලංකා ඉතාලි තානාපති පවසනවා.
ශ්‍රී ලංකා ඉතාලි තානාපති Damano Francovigti මහතා ඇතුළු පිරිසක් මීගමුව චිත්තු කාල දොන් බොස්කෝ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක නිතර වූ අවස්ථාවේ ඔහු මේ බව කියා සිටියා.
භාෂාව හා වෘත්තීය දැනුම ලබා ඉතාලියට පැමිණීම තුළින් එම පුද්ගලයන්ට ආරක්ෂා වීම හා ඉතාලියේ සෘජුවම රැකියා අවස්ථාව සඳහා යොමුවීමට අවස්ථා තිබෙන බවයි.
ශ්‍රී ලාංකික ජාතික ඉතාලියේ තාපෝන් මහ නගර සභාවේ නාගරික මන් රවෙන්ද ජෙගනාදන් මහතාගේ මැදිහත්වීම මත ප්‍රථම වතාවට දැනට අංශ තුනකින් දොන් බොස්කෝ ආයතනයේ පුහුණුව ලබාදී සිටින පුහුණු ශ්‍රමිකයන් පිරිසක් ඉතාලියට යැවීමට සූදානම් කර තිබෙන බවද ඔහු සඳහන් කළා.
මේ තුළින් විදේශීය ඩොලර් ශ්‍රී ලංකාවට ගෙන ඒමට අවස්ථා සැලසෙන බවද ඔහු සඳහන් කළා.
මෙම අවස්ථාවට ශ්‍රී ලාංකික ජාතික ඉතාලියේ නොපොල් මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී ර වේන්ද්‍ර ජගනාදන් මහතා & Alfredo Amoroso ප්‍රධාන විධායක නිලධාරී, Andrea Michle Amoroso මාණ්ඩලික සාමාජික සහ අධ්‍යක්ෂක Esposito Ciro කණ්ඩායම් නායක මධ්‍යම දකුණු ඉතාලිය, Samanta Pozzecco කණ්ඩායම් නායක මධ්‍යම උතුරු ඉතාලිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියා.