ඉන්දීය රෝ ඔත්තු සේවයේ පන්දහසක් අද වන විට මෙරට තුල ක්‍රියාත්මක බවත් මෑතකාලීනව ඉන්දියානු න්යායපත්රය සැදී තිබෙන්නේ ලංකාවේ සාගරය, බලශක්තිය, විදුලිය, ඉඩම්, වරාය සහ ගුවන්තොටුපළ අත්පත් කරගන්නා කොල්ලකාරී ව්‍යාපෘතියක ස්වාභාවයෙන් බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව පවසනවා.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධානය කළ ” ඉන්දියාව ලොකු අයියා ද ? ” සම්මන්ත්‍රණය කොළඹ පදනම් ආයතනයේ දී පවත්වන ලද අතර එහිදී අදහස් දැක්වූ දුමින්ද නාගමුව පෙන්වා දුන්නේ මේ සැලසුම මෙතනින් නොනවතින බවත් ලංකාවේ ප්‍රධාන වරාය සහ ගුවන්තොටුපළ සියල්ලම අත්පත් කරගන්න ඉන්දියාව සැලසුම් කරගෙන සිටින බවත් ය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතම මෙසේ ද කියා සිටියා.
” පසුගිය දෙසැම්බර් 15 – 17 අතර කාලයේදී අනුර කුමාර ජනාධිපතිවරයා ඉන්දියානු සංචාරයක නිරත වුණා. මේ සංචාරයේදී ඉන්දියාව සමග යම් එකඟතාවන් සඳහා සාකච්ඡා කළත් ඒවා අවසන් එකඟතා නෙවෙයි කියලා තමයි ආණ්ඩුව මාධ්‍යයට කිව්වේ. නමුත් ඩිජිටල් හැඳුනුම්පත සම්බන්ධ කොන්ත්‍රාත්තුව ඉන්දියානු සමාගමකට දෙන්න මේ සාකච්ඡාවලදි එකඟ වුණ බව විජිත හේරත් පසුව සන්ඩේ ටයිම්ස් පුවත්පතට කියලා තිබුණා. ලංකාව රටක් විදිහට ඉන්දියාව එක්ක වගේම අනෙකුත් රටවල් සමගත් ආර්ථික සහ දේශපාලන සම්බන්ධතා පවත්වන්න ඕන කියලා අපිත් පිළිගන්නවා. නමුත් ඒ ගණුදෙනු රටේ ස්වාධීනත්වයට ස්වෛරීත්වයට හානිකර නොවිය යුතුයි. මේ වෙලාවේ ඉන්දියාව ඉන්නේ ලෝකයේ ආර්ථික බලවතෙක් වශයෙන් ඉදිරියට පැමිණීමේ උපායමාර්ගයක. ඒ උපායමාර්ගය එක්ක ඉන්දියාවට අවශ්‍යයි ආසියානු කලාපයේ භූ දේශපාලන බලය වෙළඳපොළ බලය අත්පත් කරගන්න. ඒ වැඩපිළිවෙළේ ගොදුරක් බවට ලංකාව පත් විය යුතු නෑ. සමහරු කියනවා ඉන්දියාව ලොකු ආර්ථිකයක් තියෙන රටක්. ඒක නිසා ඉන්දියාව අපේ කරට අත දාගන්න එක අපිට වාසියි කියලා. නමුත් මේ සෙල්ලම කරට අත දාගැනීමෙන් නවතින්නෑ. ඉන්දියාව සූදානම් වෙන්නේ ටිකෙන් ටික අපේ බෙල්ලම හිර කරන්න.
දැනට ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය තමයි අපිට තියෙන එකම ඛණිජ තෙල් ගබඩාව. ඒ තෙල් ටැංකිවලින් 99ක් අවුරුදු 37ක කාලයකට IOC කියන ඉන්දියානු සමාගමට බදුදෙන්න ගිවිසුමකට ආවා. මෙයින් සමාගම භාවිතා කරල තියෙන්නෙ ටැංකි 14යි. නමුත් මේ ගිවිසුම අවබෝධතා ගිවිසුමක් විතරයි. එතකොට මේ සමාගම අවුරුදු 20ක් මේ තෙල් ටැංකි 14 පාවිච්චි කරලා තියෙන්නේ නිති විරෝධීව. 2021 සැප්තැම්බර් මාසෙදි ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ගිවිසුම් දෙකක් අතසන් කළා. ඒ තව අවුරුදු 50කට තෙල් ටැංකි 14ක් නළ පද්ධතිය සහ නැව් තෙල් අංශය ඉන්දියාවට විකුණන ගිවිසුමක් සහ තෙල් ටැංකි 66ක් අවුරුදු 50කට ඉන්දියාවට දෙන ගිවිසුමක්.
ඊළඟට කොළඹ වරාය සහ ත්‍රිකුණාමල වරාය විශේෂයි. ඇයි ඉන්දියාව අපේ වරායට ඇහැ ගහගෙන ඉන්නේ. හේතුව තමයි ඉන්දියානු වරායවල අවුරුද්දේ මාස හයක් වැලි පිරෙනවා. නෞකාවලට ඒ කාලේයේදි සේවය සපයන්න බෑ. ලෝකයේ වරාය ශ්‍රේණිගතකිරීම් අනුව කොළඹ වරාය තියෙන්නෙ 25 වෙනි තැන. ඉන්දියාවේ ලොකුම වරාය වන ජවහර්ලාල් නේරු වරාය තියෙන්නෙ 35 වෙනි තැන. අදානි සමාගමට අයිති මුන්ද්‍රා වරාය තියෙන්නෙ 39ට.”