දිනකට විදේශ ගමන් බලපත්ර 2500ක් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල පවසනවා.
ඇමැති විජේපාල සඳහන් කරන්නේ මීට පෙර දිනකට නිකුත් කෙරුනේ විදේශ ගමන් බලපත්ර 1200ක් පමණ බවයි.
හදිසි විදේශගත වීම් ඇති ඕනෑම අයකු සඳහා විදේශ ගමන් බලපත්ර ලබා ගැනීමට වෙනම කවුන්ටරයක් විවෘත කර ඇති බව ද ඔහු සඳහන් කරනවා.
එම කවුන්ටරයට ඉදිරිපත් කරන අයදුම්පත් කමිටුවක් විසින් සළකා බලනු ලබන අතර හැකි ඉක්මනින් විදේශ ගමන් බලපත්ර ලබා දීමට පියවර ගන්නා බව ඇමැති විජේපාල වැඩිදුරටත් සඳහන් කරනවා.