2024 වසරේ පුද්ගලයන් 7144ක් ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයට ඇස් දන්දී තිබෙනවා.
එහි පරිත්‍යාගවලින් අක්ෂි ආබාධ සහිත විදේශිකයන් 3,163කට හා දේශීය 1475 දෙනකුට ද ඇස් පරිත්‍යාග කිරීමට හැකියාව ලැබුණු බව අක්ෂිදාන සංගමයේ සභාපති සම්පත් ද සිල්වා පවසනවා.
ඇස් දන්දීමට සිය මුලස්ථානයට හෝ දේශීය කාර්යාල වෙත පැමිණ පොරොන්දු පත්‍රයක් ලියාපදිංචි කරන ලෙස දැනුම් දෙන අක්ෂිදාන සංගමය https:// www.eyedonation lk ඔස්සේ ලියාපදිංචි විය හැකි බව ද සඳහන් කරනවා.
මෙරට අක්ෂි පරිත්‍යාගශීලින්ගේ පරිත්‍යාගවලින් යේමනය,ඊජිප්තුව, කෙන්යාව, ජපානය ඇතුළු විදෙස් රටවල් 57ක දෘශපාබාධිත පුද්ගලයන්ට සහ ශ්‍රී ලාංකිකයන්ට ලොව දකින්න වරම් හිමිකරදුන් බව ද ඔහු සඳහන් කර සිටියා.
එක් ඇසක් සංරක්ෂණය කිරීමට රුපියල් 25,000ක පමණ මුදලක් වැයවන බව ද කී සභාපතිවරයා, ඒ සම්බන්ධයෙන් ඇස් පරිත්‍යාගයන්ගේ ඥාතීන්ට සිය ස්තූතිය පුදකරන බවද සඳහන් කරනවා.
මරණයෙන් පසු ලැබෙන තොරතුරුවලින් පසුව නිවෙසට හෝ රෝහලට පැමිණ ඇස් කුණීත ලබාගන්නා බවත්, ඒවා විශේෂ ද්‍රාවණයක බහා රැගෙන යන බවද ඔහු ජාතික පුවත්පතක් හමුවේ පවසා තිබෙනවා.