සිමෙන්ති සඳහා පවතින සෙස් බද්ද අඩු කිරීම සඳහා වූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය ලැබී තිබෙනවා.
ඒ අනුව, සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් පමණ අඩුවන බව මුදල් අමාත්‍යාංශ නිලධාරීන් කාරක සභාවට දන්වා සිටියා.
මේ පිළිබඳ කරුණු සාකච්ඡා වූයේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගිය 8 වන දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.