ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) එළිදැක්වූ නවතම එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ තෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.
7වන ස්ථානයේ සිට ස්ථාන 4ක් ඉදිරියට පැමිණෙමින් මෙලෙස ඔහු තෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.
ශ්‍රේණිගත ලකුණු 663ක් හිමිකරගෙන සිටින මහීෂ්, ICC ශ්‍රේණිගත කිරීම්වල පැමිණි ඉහළම ස්ථානය මෙය වනවා.
නවසීලන්තයට එරෙහිව ඉකුත්දා අවසන් වූ තරග 03කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ කඩුලු 7ක් දවාගනිමින් මහීෂ් දැක් වූ දක්ෂතා හේතුවෙන් ඔහුට මෙලෙස ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට හැකිව තිබෙනවා.
මෙම ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ඇෆ්ගනිස්තානයේ රශීඩ් ඛාන්ට හිමිව ඇති අතර, දෙවන ස්ථානයේ ඉන්දියාවේ කුල්දීප් යාදව් රැඳී සිටිනවා.
සිමෙන්ති සඳහා පවතින සෙස් බද්ද අඩු කිරීම සඳහා වූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව, සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් පමණ අඩුවන බව මුදල් අමාත්‍යාංශ නිලධාරීහු කාරක සභාවට දැන්වූහ.
මේ පිළිබඳ කරුණු සාකච්ඡා වූයේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගිය 8 වන දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.