උතුරු පළාතේ පොලිස් ස්ථාන සඳහා කැබ් රථ සැපයීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකා රුපියල් මිලියන 300ක මුදල් ආධාරයක් ලබා දී තිබෙනවා.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සහ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය අතර ඊයේ (15) අවබෝධතා ගිවිසුමක් අත්සන් කළා.
ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ අමාත්‍යාංශ ලේකම් ඩී.ඩබ්ලිව්.ආර්.බී. සෙනෙවිරත්න මහතා විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුමට අනුව, අවම වශයෙන් කැබ් රථ 80ක්, අමතර කොටස් සහ උපාංග ලබා දීමට නියමිතයි.
මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන්නේ උතුරු පළාතේ නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාවන් වර්ධනය කිරීම සහ මෙහෙයුම් කාර්යක්ෂමතාවය ඉහළ නංවා මහජන ආරක්ෂාව වැඩි දියුණු කර ගැනීමයි.